brand logo

දකුණු කොරියාවේ කොරෝනා සීඝ්‍ර ව්‍යාප්තියක්

23 February 2020

දකුණු කොරියාව තුළ නව කොරෝනා වෛරසය හෙවත් ‍කොවිඩ් නයින්ටීන් ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වෙයි. නව කොරෝනා වෛරසයේ ආසාදිතයින් ගණන අද වන විට 78,000 ඉක්මවා ඇති අතර ආසාදිතයින් 77 000 කට වැඩි පිරිසක් චීනයෙන් සහ ආසාදිතයින් ගණන 1,500කට අධික පිරිසක් වෙනත් රටවලින් වාර්තා වෙයි. දකුණු කොරියාවෙන් හමු වූ නව කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයින් ගණන එක් දිනකදී දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව එරට බලධාරීන් පවසයි. ඔවුන් ඊයේ ප්‍රකාශ කළේ සිකුරාදා සිට 229 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවත් අද වන විට තවත් 123 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඒ අනුව දකුණු කොරියාවෙන් හමු වූ මුළු ආසාදිතයින් ගණන 556ක් බවය. වෛරසය ආසාදිත බවට හඳුනා ගැනුණු පුද්ගලයින් බහුතරයක් එරට ගිනිකොනදිග තේගු නගරය අසල රෝහලක් සහ ආගමික කණ්ඩායමකට අයත් පුද්ගලයින් බව බලධාරීන් සඳහන් කළේය. තේගු නගරය සහ රෝහල වෛරස ආසාදිතයන් වැඩි ගණනක් හමු වූ රෝහල පිහිටි චෙන්ග්දෝ නගර සැලකිළිමත් විය යුතු කලාප ලෙස නම් කර ඇත. එම නිවේදනයත් සමඟ තේගු නගරයේ මාර්ග හා පොදු ස්ථානවල ජනයා ගැවසීම දැඩි ලෙස පහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය
 

More News..