brand logo

දකුණු ඉන්දියාවෙන් පැමිණ සැඟ වී සිටි දෙදෙනකු නිරෝධායනයට

04 June 2020

දකුණු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ මඩු පොලිස් වසමේ සැඟවී සිටි 32 හැවිරිදි ශ්‍රී ලාංකික සරණාගතයකු හා ඔහුගේ දියණිය පොලිසිය භාරයට ගෙන නිරෝධායන මධ්‍යස්ථානයකට භාරදී ඇත. ගම්වාසීන් විසින් මඩු ​පොලිසියට දුන් තොරතුරක් මත පොලිසිය ඔවුන්ව නැගෙනහිර පළාතේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් ඇත. මෙම පුද්ගලයා වයස අවුරුදු හතරේදී 1992 වසරේදී සරණාගතයකු ලෙස දෙමාපියන් සමග ඉන්දියාවට ගිය මඩු, පණ්ඩිචිරිම්වාන් හි පදිංචිව සිටි අයෙකු බව හෙළි වී ඇත. මොවුන් ඉන්දියාවේ සිට ධීවරයන් මෙන් හොරෙන් තලේමන්නාරම ප්‍රදේශයට පැමිණ එතැනින් මඩුවලට පැමිණ ඇත. තිස්ස රවීන්ද්‍ර පෙරේරා •නයන තරංග ගමගේ
 

More News..