brand logo

දකුණු අප්‍රිකා සංචාරයට චන්දිමාල් නැහැ - නායකත්වය දිමුත්ට

05 February 2019

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයින් 17දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය සදහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය ලැබී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ. ඒ අනුව මෙම සංචිතයේ කණ්ඩායමේ නායකත්ව හිමිව තිබෙන්නේ දිමුත් කරුණාරත්නට වීම විශේෂත්වයක්. දිනේශ් චන්දිමාල් නායකත්වයෙන් මෙන්ම ක්‍රීඩකයෙකු ලෙස ද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නම් කර නොමැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ. කණ්ඩායමේ උපනායකත්ව නිරෝෂන් දික්වැල්ලට හිමිව තිබෙනවා. ශ්‍රී ලංකා සංචිතය පහතින්, දිමුත් කරුණාරත්න - නායක නිරෝෂන් දික්වැල්ල - උප නායක ලහිරු තිරිමාන්න කෞෂාල් සිල්වා කුසල් මෙන්ඩිස් කුසල් ජනිත් පෙරේරා මිලින්ද සිරිවර්ධන ධනංජය ද සිල්වා ඔෂද ප්‍රනාන්දු ඇන්ජලෝ පෙරේරා සුරංග ලක්මාල් කසුන් රජිත විශ්ව ප්‍රනාන්දු චාමික කරුණාරත්න මොහොමඩ් ශිරාස් ලක්ෂාන් සදකැන් ලසිත් ඇඹුල්දෙණිය
 

More News..