brand logo

දකුණු අප්‍රිකා කණ්ඩායමේ එක වෙනසයි - අවු. 20 තුන් ඉරියව් ක්‍රීඩකයෙක් කැඳවයි

07 February 2019

සංචාරක ශ්‍රී ලංකා කණඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරග දෙක සදහා දකුණු අප්‍රිකානු කණ්ඩායම තුන් ඉරියව් නවක ක්‍රීඩකයෙක් කණ්ඩායමට කැදවා තිබෙනවා. Wiaan Mulder නම් මෙම යොවුන් ක්‍රීඩකයා පන්දු යැවීමේදී කැපී පෙනෙන දක්ෂතා දක්වා ඇති බවයි දකුණු අප්‍රිකාව සදහන් කරන්නේ. දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායමේ එක් වෙනස්කසක් පමණක් සිදුකර ඔවුන් විසින් කණ්ඩායමට Wiaan Mulder පමණක් ඇතුළත් කර ගැනීම කැපීපෙනෙන සිදුවීමක් බවයි ක්‍රිකට් විචාරකයින් සදහන් කරන්නේ. මේ අතර ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා දකුණු අප්‍රිකාව ටෙස්ට් සංචිතය අද නම් කළා. Faf du Plessis (c) Hashim Amla Temba Bavuma Theunis de Bruyn Quinton de Kock (wk) Dean Elgar Zubayr Hamza Keshav Maharaj Aiden Markram Wiaan Mulder Duanne Olivier Vernon Philander Kagiso Rabada Dale Steyn
 

More News..