brand logo

දකුණු අප්‍රිකාව ජයග්‍රහණ අතළඟ

06 January 2019

පාකිස්ථාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ අද සිව්වැනි දිනයයි. ඊයේ (05) දිනය නිමාවට පත්වන විට දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි පාකිස්ථාන කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 294ක් ලබාගත්තා. පාකිස්ථානය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත්තේ ලකුණු 177ක් පමණයි. දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 431ක් ලබාගැනීමට සමත් වුණා. ඒ අනුව මෙම තරඟය ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාවට සිය දෙවැනි ඉනිමේදී ලබාගත යුතුව තිබෙන්නේ ලකුණු 41ක් පමණයි. ඉතාමත් පහසු ඉලක්කයක් බැවින් අද දිනයේ වැඩි වේලාවක් නොගෙන දකුණු අප්‍රිකානු කණ්ඩායම පාකිස්ථානයට එරෙහිව දෙවන ටෙස්ට් තරඟය ජයගනු ඇති බවටයි ක්‍රිකට් විස්තර විචාරකයින් සදහන් කරන්නේ. ටෙස්ට් තරඟ තුනකින් සමන්විත මෙම තරඟාවලියේ පළමු තරඟය ද දකුණු අප්‍රිකානුවන් විසින් ජයගනු ලැබුවා.
 

More News..