brand logo

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාවට දින 60ක ‘නිරෝධායනයක්’

18 March 2020

තම රට තුළ පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය දින 60ක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් නවතා දමන්නට කටයුතු යොදා ඇත. මේ වනවිට දකුණු අප්‍රිකාව පුරා කොරෝනා රෝගීන් 62ක් වාර්තා ව ඇති අතර තවමත් කිසිදු රෝගියෙක් සුවය ලබා නොමැත. මේ හේතුවෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සහ එරට ජනාධිපති සිරිල් රම්පෝෂා අතර සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඉන් අනතුරුව ඔවුන් එම තීරණයට එළැඹ ඇත. පාපන්දු ක්‍රීඩාවට ප්‍රසිද්ධ ද. අප්‍රිකාව තුළ ඉදිරි සති කිහිපය තුළදීද පැවැත්වීමට නියමිත සියලු තරගද නවතා දමන්නට එරට පාපන්දු සම්මේලනයද තීරණය කර තිබේ.
 

More News..