brand logo

දකුණු අප්‍රිකානු අවු. 20ක තරුණයෙක් ශ්‍රී ලංකාවට එරෙහිව 150ක් වාර්තා කරයි

28 February 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතන කණ්ඩායම සමග පැවැත්වෙන පුහුණු තරගයේදී ලකුණු 150ක් වාර්තා කිරීමට ආර්. වෑන් ටොන්ඩර් අද (28) සමත් වුණා. මේ වන විට දකුණු අප්‍රිකාවේ Benoni හිදී පැවැත්වෙන පුහුණු තරගයේදී R. වැන් ටොන්ඩර් පන්දු 149කදී ලකුණු 150ක් වාර්තා කිරීමට සමත් වුණා. ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට හයේ පහර 4ක් සහ හතරේ පහර 13ක් ද ඇතුළත් වනවා. දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතන කණ්ඩායම පන්දුවාර 46ක් අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 289ක් රැස්කරගෙන සිටිනවා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ලසිත් මාලිංග සහ කසුන් රාජිත කඩුළු දෙක බැගින් මේ වන විට දවාගෙන තිබෙනවා. ඊට අමතරව තිසර පෙරේරා, ලක්ෂාන් සදකැන් සහ ඇන්ජලෝ පෙරේරා එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.
 

More News..