brand logo

දකුණු අප්‍රිකානුවන් පරාජය කළ නවසීලන්තයට කඩුළු 4ක ජයක්

20 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග පැවැති තරගය කඩුළු 4කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 241ක් රැස්කර ගත්තේය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් රසී වෑන් ඩාර් ඩසන් නොදැවී ලකුණු 67ක් රැස්කර ගත් අතර, හෂීම් අම්ලා ලකුණු 55ක් ලබාගත්තේය. අනතුරුව පිටියට පැමිණි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 3කදී කඩුළු 6ක් දැවී ලකුණු 245ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළේය. නවසීලන්තය වෙනුවෙන් කේනි විලියම්සන් ලකුණු 106ක් රැස්කර ගැනීමට සමත් විය.
 

More News..