brand logo

දකුණු අප්‍රිකානුවන් පරදවා බංග්ලාදේශ තරගය ජයගනී

03 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැති තරගයේදී ලකුණු 21ක ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුළු 6ක් පමණක් දැවී ලකුණු 330ක් රැස්කර ගත්තේය. බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මුෂ්ෆික රහීම් ලකුණු 78ක් සහ සකීබ් අල් හසන් ලකුණු 75ක් රැස්කර ගැනීමට සමත් විය. අනතුරුව පිටියට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායමට නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 8ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 309ක් පමණීයි. දකුණු අප්‍රිකාව වෙනුවෙන් එෆ් ඩු ප්ලෙසිස් ලකුණු 62ක් රැස්කර ගත්තේය. ඒ අනුව මෙම තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට හිමිවිය.
 

More News..