brand logo

දකුණු අප්‍රිකානුවන්ට පහසු ජයක් - නායක ඩුප්ලේසිස්ට 3වැනි ටෙස්ට් තරගය බැහැ

07 January 2019

පාකිස්ථාන කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්ව තිබෙනවා. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 177ක් රැස්කර ගත් අතර, දකුණු අප්‍රිකාව ලකුණු 431ක් ලබාගැනීමට සමත් වුණා. අනතුරුව පිටියට පැමිණි පාකිස්ථානය සියලුදෙනා දැවී ලකුණු 294ක් ලබාගත්තා. ඒ අනුව දකුණු අප්‍රිකාවට ලකුණු 41ක අභියෝගයක් හිමිවුණා. දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙවැනි ඉනිමේදි පන්දුවාර 9යි පන්දු 5කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 43ක් ලබාගෙන දෙවන ටෙස්ට් තරගයේ ජය වාර්තා කළා. ඒ අනුව ටෙස්ට් තරග 3කින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය 2ට 0ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකානුවන් සමත්ව තිබෙනවා. මේ අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ඩුප්ලේසිස්ට එක් තරග තහනම්ක් සහ තරග ගාස්තුවෙන් සියයට 20ක දඩයක් ද පනවා තිබෙනවා. ඒ අනුව ඩුප්ලේසිස්ට පාකිස්ථානය සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ නොහැකියි. ඊට හේතුව වී තිබෙන්නේ තරගාවලිය තුළ පන්දුවාරයක් සදහා වැඩි කාලවේලාවක් ලබාගැනීම බවයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වරද ලෙස වාර්තා කර තිබෙන්නේ.
 

More News..