brand logo

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගමට නව අන්තර් හුවමාරුවක්

11 June 2020

තංගල්ල - වීරකැටිය මාර්ගය සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම ප්‍රදේශයෙන් නව අන්තර් හුවමාරුවක් ඉදිකිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ තුළින් අධිවේගී මාර්ගය භාවිත කරන්නන් වැඩි පිරිසක් ආකර්ෂණය කරගැනීමට හැකියාව පවතින බව හඳුනාගනු ලැබ ඇතැයි රජය පවසයි. ඒ අනුව, යෝජිත නව අන්තර් හුවමාරුව ඉදිකිරීම සඳහාත්, ඒ සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගය II කොටසෙහි ඉදි කිරීමේ ඉතිරි වීම් භාවිත කිරීම සඳහාත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. මේ අතර, මධ්‍යම පාන්තික ආදායම්ලාභීන්ට කුලී පදනම මත නිවාස ලබා දීමේ ව්‍යාපෘතියක් සඳහා ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. දුර බැහැර ප්‍රදේශවල සිට රැකියා සඳහා කොළඹට පැමිණෙන මධ්‍යම පාන්තිකයින්ට නවාතැන් ගැනීමට හැකි වන පරිදි කුලී පදනම මත නිවාස ලබා දීම සඳහා වර්ග ප්‍රමාණය උපරිම වශයෙන් වර්ග අඩි 350ක් වන 'ස්ටුඩියෝ වර්ගයේ' නිවාස ඉදිකිරීම පිණිස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කර ඇත. ඒ අනුව, ප්‍රධාන මහාමාර්ගයන් හා දුම්රිය මාර්ගයන් මඟින් සේවා සපයනු ලබන ප්‍රධාන නගර මධ්‍යස්ථානයන්හි සිට කිලෝ මීටර 3 - 5ක් ඇතුළත එවැනි නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
 

More News..