brand logo

Update : දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනය යථා තත්ත්වයට

17 July 2019

බවුසරයක් පෙරළීම හේතුවෙන් අවහිර වී තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව දෙසට වන මංතීරුවේ ගමනාගමන කටයුතු යළි යථා තත්ත්වයට පත් කර තිබේ. අධිවේගයේ කහතුඩුව සහ කොට්ටාව අතර ප්‍රදේශයේ බවුසර් රථයක් පෙරළිමෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබුණි. මේ හේතුවෙන් ගාල්ල සිට පැමිණෙන සියලු වාහන තාවකාලිකව කහතුඩුව පිවිසුමෙන් පිටත් කර හැරීමට පියවර ගෙන තිබුණි. Update time : 6.02pm ------------------------------------------------------------------------------------------------------------------------ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතර ප්‍රදේශයේදී, කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ බවුසරයක් පෙරළීමෙන් කහතුඩුව පිවිසුම තාවකාලිකව වසා දමා තිබේ. මේ හේතුවෙන් ගාල්ල සිට පැමිණෙන සියලු වාහන තාවකාලිකව කහතුඩුව පිවිසුමෙන් පිටත් කර හැරීමට පියවර ගෙන ඇත. කොට්ටාව පිවිසුමට කිලෝමීටරයක් පමණ කහතුඩුව ප්‍රදේශය ආසන්නයේදී බවුසරය පෙරළී තිබේ. මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් පවතී.
 

More News..