brand logo

දක්ෂිණ අධිවේගයේ වාහන කිහිපයක් එකිනෙකට ගැටේ

14 April 2021

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩම්ගොඩ අතරදී වාහන කිහිපයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. මාතර දෙසට ධාවනය වූ වාහන කිහිපයක් මෙලෙස අනතුරට ලක්ව ඇත. මේ හේතුවෙන් දක්ෂිණ අධිවේග මාර්ගයේ මාතර දෙසට මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතිවී ඇති බව පොලීසිය සදහන් කරයි. ස්ථාන හතරකදී වාහන 10කට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවට වාර්තා වේ. අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනයේදී වාහන අතර පරතරය පිළිබදව සහ වේගය ගැන සැලකිලිමත් වන ලෙස රියැදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටීයි.
 

More News..