brand logo

දක්ෂිණ අධිවේගයේ වසා දැමුනු පිවිසුම් 15වැනිදා සිට යළි විවෘතයි

10 May 2021

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වසා දැමුනු කොට්ටාව, කඩුවෙල හා කොතලාවල පිවිසුම් යළි විවෘත කිරීමට තීරණය කර ඇත. එම මාර්ගයේ නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ජේ.එන්.ලොඩ්වික් මහතා පැවසුවේ ලබන 15 වැනිදා සෙනසුරාදා එම පිවිසුම් විවෘත කිරීමට පියවර ගන්නා බවයි. අදාළ පිවිසුම් ස්ථානවලින් හදුනාගත් කොවිඩ් ආසාදිත සේවකයින්ගේ නිරෝධායන කාලය ලබන 15වනදා අවසන් වන බව ඒ මහතා පැවසීය. කෙසේ වෙතත් දක්ෂිණ අධිවේගයේ කොවිඩ් අවදානම හේතුවෙන් වසා දැමුණු වැලිපැන්න හා ඉමදූළු පිවිසුම් තවදුරටත් වසා තැබෙනු ඇත.
 

More News..