brand logo

ත‍්‍රිකුණාමලයේ කළු කොඩි ඔසවා විරෝධතාවයක්

08 August 2018

සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනය අද පෙරවරුවේ ත‍්‍රිකුණාමලයේදී විරෝධතා පා ගමනක් පැවැත්වුහ. තහනම් පන්න ක‍්‍රම හා ඩයිනමයිට් යොදා මසුන් මැරීමට එරෙහිවත්, සියලූ ධීවර ගැටලූ වලට විසදුම් ලබා දෙන ලෙසත් ඉල්ලා ඔවුන් මෙම විරෝධතාව දියත් කළේය. විරෝධතාවයට සහය පළකරමින් ත‍්‍රිකුණාමලයේ ධිවරයන් මුහුදු යෑ මෙන් වැලකී සිටි අතර තොග මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ද වසා දැමීමට තොග මාලූ ව්‍යාපාරිකයන් කටයුතු කර තිබුණි. නගරය පුරා කලූ කොඩි හා කලූ බැලූම් එල්ලා තිබු අතර ධීවර වෘත්තීය අනතුරේ හෙලන ඉදිකිරිම් වහා ඉවත් කරනලෙසත් ධීවරයන් සතු ඉඩම් කොම්පැනි වලට විකිණීම වහා නවතන ලෙසත් ඩයිනමයිට් භාවිතයෙන් මසුන් ඇල්ලිම වහාම නතර කිරීමට කටයුතු කරන ලෙසත් සදහන් සටන් පාඨ ලියු පුවරු හා කලූ කොඩි අතැතිව ගමන් කරනු ලැබීය. මේ හේතුවෙන් දිස්ත්‍රික් ධීවර කාර්යාලයට පොලිස් ආරක්ෂාවද ලබා දී තිබු අතර පසුව ව සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයේ නියෝජිතයන් හා ධීවර සහකාර අධ්‍යක්ෂකවරයා අතර සාකච්ඡාවක් පැවැත්විය. එහිදී තහනම් පන්න ක‍්‍රම නැවැත්වීමට උපරිම පියවර ගනිමින් සිටින බවත් මේ වනවිටත් තහනම් දැල් 14 ක් රාජ සන්තක කර ඇති බවත් ඉදිරියටත් තහනම් පන්න ක‍්‍රම ඇල්ලීමේ මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන බවත් ධීවර සහකාර අධ්‍යක්ෂක ඊ. එම්. සී. බෝයගොඩ මහතා පැවැසීමෙන් පසුව විරෝධතා කරුවන් විසිර ගියහ.      
 

More News..