brand logo

ත‍්‍රිකුණාමලයෙන් ටි -56 ගිණි අවියක් ඇතුලූ යුධ උපකරණ තොගයක් ගොඩගැනේ

21 May 2019

ත‍්‍රිකුණාමලය මුතුර් ප‍්‍රදේශයේ මහවැලි ගඟ මුහුදට වැටෙන ගෙංගේ මෝය අසල මුහුදට දමා තිබු ටි -56 ගිණි අවියක් ඇතුලූ යුධ උපකරණ තොගයක් ඊයේ දින (20) ගොඩ ගැනිමට නාවික හමුදාව සමත් විය. මසුන් ඇල්ලිමට ගිය ධිවරයෙකුගේ දැලකට පැටලි පැමිණ තිබු ගිණි අවියක කොටසක් දැක එම ධිවර කාර්මිකයා මේ බව නාවික නෞකා ගෝකණ්ණ කදවුරට දැනුම් දිමෙන් පසු කිමිදුම් කරුවන් යොදා ගෙන දියත් කල මෙහෙයුමකදි මෙම යුධ උපකරණ සොයාගනු තිබුණි. ටි-56 ගිණි අවියට අමතරව එයට යොදන මැගසින් පහක්, පතුරම් 203 ක් , ජිව අත්බෝම්බ පහක්, බෝර 12 පතුරම් අවි තුනක්, බෝර 12 අවියක කද කොටසක් සොයාගෙන තිබුණි. මෙසේ ගොඩ ගනු ලැබු ගිනි අවිවල හා ටි- 56 ගිණි අවියේ හදුනා ගැනීමේ අංක හදුනාගත නොහැකිවන ලෙස මකා දමා තිබේ. සොයා ගත් මෙම යුධ උපකරණ වැඩිදුර පරික්ෂණ සදහා මුතුර් පොලිසියට භාර දි ඇති අතර මුතුර් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි. ලක්මාල් කේ බදුගේ
 

More News..