brand logo

තොර්ට දැන් සුව බව රාජ්‍ය අමාත්‍ය විමලවීර කියයි

21 June 2021

    දෙහිවල සත්වෝද්‍යානයේ කොරෝනා ආසාදිත සිංහයා ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බව සහ සත්ත්වයා කුකුළු මස් පවා ආහාරයට ගෙන ඇති බවත් වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ප්‍රකාශ කර තිබේ. මේ අනුව සිංහයා නැගිටීමටද උත්සාහ දරන බවත් ඔහු ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් සිංහ ධේනුවගේ පී.සී.ආර් වාර්තාව තවමත් ලැබී නොමැති බවත් එය අද හෝ හෙට ලැබීමට නියමිත බවත් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර කොරෝනා ආසාදිත සිංහයාට ප්‍රතිකාර ලබාදීමට ඉන්දියාවේ සත්වෝද්‍යානවල පශු වෛද්‍යවරුන්ගේද සහය ලබාගෙන තිබෙන බවත් වනජීවී රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
 

More News..