brand logo

තොරතුරු තාක්ෂණය හරහා අපට පුළුවන් මේ රටේ ආර්ථික ගොඩ නගන්න

20 October 2019

තොරතුරු තාක්ෂණය සහ පරිගණක තාක්ෂණය හරහා මෙරටේ ආර්ථිකය ගොඩ නැගිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ පැවසුවේ ඊයේ (19) ජාඇල මැතිවරණ කොටිඨාසයේ රාගම පොල ඉදිරිපිට පැවැති ජන රැලියකදීය. තාක්ෂණයෙන් ආර්ථිකය දියුණු කරලීම සදහා නිපුනත්වයක් ඇති පරපුරක් බිහි කළ යුතු අතර ඒ සදහා විශාල ආයෝජනයක් යෙදවීමට බලාපොරොත්තු වන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා, විශේෂයෙන් තොරතුරු තාක්ෂණය,පරිගනක තාක්ෂණය හරහා අපට පුලූවන් වනවා ආර්ථිකයක් මේ රටේ ගොඩ නගන්න. මේ සදහා නිපුනත්වයක් තියෙන පරපුරක් බිහි කිරීම සදහා විශාල ආයෝජනයක් යොදන්න අපි බලා පොරොත්තු වනවා. අපි දන්නවා මේ රටේ බුද්ධිමත් තරුණ තරුණියන් අති විශාල පිරිසක් ඉන්නවා. අද ලෝක ආර්ථිකය පවා බුද්ධිය මත ගොඩ නැගුන එකක්. අපට පුලූවන් වනවා අපේ තරුණ පරපුරේත් නිපනත්වය වැඩිකරලා ඔවුන්ගේ බුද්ධි මටිටම වැඩිකර ගැනීමට ඇති අවස්තාව වැඩිකර දී එමගින් රෙටි ආර්ථිකයද ඉදිරියට ගෙනි යන්න පුලූවන්. ආර්ථිකයට වැදගත් වන ආකාරයේ රැකියාවල් ඇති කිරීම හරහා තරුණ තරුණියන්ට හොද වේතනයක් ලබා ගත හැකි අන්දෙමි රැකියාවන් උත්පාදනය කිරීම හරහා අපට පුලූවන් ඔවුන්ගේ අනාගත සුභ සිද්ධිය මෙන්ම රෙටි ආර්ථිකයද වැඩි දියුනු කරන්න. අප රට ඉදිරියට ගෙන යෑමට සිටින තරුණ පරමිපරාව අතරමන් වන්නේ දෙන්නේ නැහ. ගම්පහ දිස්ත‍්‍රික්කය තුළ බුද්ධියෙන් නිපුන තරුණ තරුණියන් විශාල ප‍්‍රමාණයක් සිටිනවා. ඒ අතරින් උසස් පෙල සමත් වෙලා විශ්වවිද්‍යාල ප‍්‍රෙවිශය ලබා ගන්න බැරිව සිටන විශාල පිරිසකුත් වනවා. විශ්ව විද්‍යාලයට යන්න වරමි නැතිවුත්,සාමාන්‍ය පෙළ සමත්වී සිටි අය පමණක් වුත්, සාමාන්‍ය පෙළ අසමත් වී සිටියත් අපි ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් සකස් කරලා තියෙනවා.ෙමි පිරිසට තාක්ෂණික අධ්‍යාපනයක් ලබා දීලා ඔවුන්ට හොද වේතනයක් ලබා ගැනිමට හැකි රැකියාවන් ලබාගැනීමට පුලූවන් වැඩ පිලිවලක් අප සකස් කරණවා. අපි අභියෝග භාර ගන්න ඔිනෑම අවස්තාවක ලැස්තියි. අපි මේ රටේ ත‍්‍රස්තවාදය වාදය තුරන් කලා පමණක් නොවෙයි ෙමි රෙටි ආරක්ෂාවට නිසි ක‍්‍රම වේදයක් හැදුවා. මේ රෙටි සියලූම බුද්ධි අංශ ඒකාබද්ධ කරලා නැවතත් ෙමි රෙටි ත‍්‍රස්තවාදයඇති නොවන අන්දමට ආරක්ෂිත වැඩ පිලිවෙලක් යෙදුවා. අවුරුදු 10 යන්නත් කලින් මේ රටේ යහපාලන රජය යටතේ බෝමිබ පුපුරන්න ගත්තා. මේවා වෙන්න කලින් තොරතුරු ලැබි තිබුනත් මේ රජයට ඒවා නවත්වන්න බැරිවුනා. මේ රටට අහිංසක ජීවිත සිය ගණනක් අහිමි වුනා.  රජය ජාතික ආරක්ෂාවට කිසිම ප‍්‍රමුඛතාවයක් ලබා දුන්නේ නැහැ. මම කියන්න කැමතියි අපේ රජයක් යටතේ නැවතත් බුද්ධි අංශ ක‍්‍රියාත්මක කරලා නිසි ආරක්ෂිත වැඩ පිලිවෙලක් යොදලා ජාති භේදයෙන් ආගමි බේදයෙන් තොරව සියලූ ජනතාවට බියෙන් සැකෙන් තොරව ජිවත්විය හැකි රටක් ගොඩ නගලා දෙනවා. ඒක මම දිවි හිමියෙන් දෙන පොරොන්දුවක්. එදා මේ රට දිනන්නට ජීවිත පුජාවෙන් සටන් කල රණවිරුවන්ගේ අභිමානය අපි ඉහලට ගෙනාවා. නමුත් මේ රජය ආවට පස්සේ ඔවුන්ගේ මානිසිකත්වය කඩා වැටුනා.බුද්ධි අංශවල සාමාජිකයන්ට අභුත චෝදනා නගලා හිර කලා.දක්ෂ බුද්ධි අංශ නිලධාරින් එහෙට මෙහෙට මාරු කලා. ෙමි විදියට තමයි ජාතික ආරක්ෂාව කඩා වැටුනේ.අපි නැවතත් රණවිරුවන්ගේ ත‍්‍රිවිධ හමුදාෙවි ෙවිවා, පොලිසියේ වේවා, සිව්ල් ආරක්ෂක හමුදාවේ වේවා මේ සියලූ රණවිරුවන්ගේ අභිමානය යලි ඉහලට ගේනවා. ඉතිහාසයේ කිසි දවසක නොවු අයුරින් එදා රණවිරුවන් වෙනුවෙන් අප කළ සුභසාදන කටයුතු නැවත ඇතිකරනවා.
 

More News..