brand logo

තොරණ, දන්සල් වෙසක් කලාප අවලංගු වෙයි

18 May 2019

කොළඹ නගරයේ හා රටේ සෙසු ප්‍රදේශවල පසුගිය වර්ෂවල පැවති තොරණ, දන්සල් හා වෙසක් කලාප සියල්ලක්ම අවලංගු කර තිබේ. පාස්කු ඉරිදා එල්ල වූ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරය සමග හා පසුව ඇති වූ සිද්ධීන් සමග සැලසුම්කර තිබූ සියලු තොරණ ප්‍රදර්ශනය නවතා දමා තිබේ. සාමාන්‍යයෙන් වෙසක් පොහොයට කොළඹ නගරයේ ප්‍රධාන තොරණ විස්සකට ආසන්න ප්‍රමාණයක් ප්‍රදර්ශනය කෙරෙයි. තොටළඟ, පෑලියගොඩ, කොස්ගස් හන්දිය, පිටකොටුව, බොරැල්ල, දෙමටගොඩ, කිරුලපන, නුගේගොඩ, මහරගම, පිළියන්දල, කොට්ටාව, හෝමාගම, ගොඩගම, අතුරුගිරිය සහ මාලබේ ආදී ප්‍රදේශවල මීට පෙර ප්‍රධාන තොරණ ඉදිවිය. මෙසේ ඉදිවන බොහෝ තොරණ පොසොන් පෝයට රටේ විවිධ ප්‍රදේශවල ප්‍රදර්ශනය කරන අතර මෙම තත්ත්වය මත ලබන පොසොන් පොහෝයටද තොරණ ප්‍රදර්ශනය නොවීමට ඉඩ ඇත. මීට අමතරව පසුගිය වසරේ රටපුරා දන්සල් හයදහසක් පමණ මහජන පරීක්ෂකවරුන් ඉදිරියේ ලියාපදිංචි වී ඇති අතර මෙවර ලියාපදිංචි වී ඇත්තේ 92 ක් පමණි. පෙර වර්ෂවල කොළඹ නගරයේ පැවැත් වූ ප්‍රධාන වෙසක් කලාප වන ගංගාරාමය, දියවන්නා, ගල්කිස්ස, බෞද්ධාලෝක මාවත ආදී වෙසක් කලාප කිසිවක් නොපැවැත්වේ.
 

More News..