brand logo

තොණ්ඩමන්ගේ අවමඟුල් උළෙලට 200 යි

31 May 2020

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමාන්ගේ අවසන් කටයුතු සෞඛ්‍යාරක්ෂිත නිර්දේශවලට අනුකූලව 200 කගේ පමණ සහභාගිත්වයෙන් අද (31) සිදු කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අවමංගල උත්සව කමිටුව වෙත දැනුම් දී තිබේ.
අවසන් කටයුතු නොර්වුඩ් මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙම අවමංගල්‍යය උත්සවයට වතුකරයේ ජනතාව 5000 කගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට සැලසුම් කර තිබිණි. එමගින් කොවිඩ් -19 සෞඛ්‍ය නිර්දේශ උල්ලංඝනය වන බව පෙනී යාම නිසා 200 කගේ සහභාගිත්වයෙන් සෞඛය නිර්දේශ වලට යටත්ව සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට දැනුම් දී ඇත.
අවසන් කටයුතු සඳහා වතුකරයේ ජනතාව බස් රථ යොදා ගනිමින් නෝර්වුඩ් මහජන ක්‍රීඩාංගණයට ගෙන්වීමටද ලංකා කම්කරු කොංග්‍රසය සැලසුම් කර තිබිණි. සෞඛ්‍ය නිර්දේශ අනුව සියල්ල සිදුවන්නේ දැයි පරීක්ෂාවට පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද යෙදවීමට නියමිතය. උදයජීව ඒකනායක
 

More News..