brand logo

තෛපොංගල් නිවෙස්වලට වී සමරන්න

13 January 2021

තෛයිපොංගල් උත්සවය සමග දීර්ඝ නිවාඩුවක් තිබෙන බැවින් නිවෙස්වලටම වී තෛපොංගල් උත්සවයත් අනෙක් උත්සව සැමරූ අයුරින් සමරන ලෙසත්, කොවිල් වැනි ස්ථානවලට ඒකරාශී නොවන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. අද (13) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ප්‍රකාශයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පවසා ඇත. උත්සව සමයේ නෑදැ ගමන් සහ විනෝද චාරිකා යන පිරිස්, අහඹු පරීක්ෂණවලට ලක් කිරීමට කණ්ඩායම් යොදවා ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. අහඹු පරික්ෂණ සිදු කිරීමට කොළඹ ස්ථාන 11ක කණ්ඩායම් යොදවා ඇති අතර පැය 24 පුරාම මෙම කණ්ඩායම් යෙදවීමට ඉඩකඩ තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 

More News..