brand logo

තේ වෙන්දේසියේ ඉහළ මිලක් වාර්තා කරන පිටිගල අතුකෝරළ තේ කර්මාන්තශාලාව

13 July 2021

පිටිගල අතුකෝරළ සමූහ ව්‍යාපාරයට අයත් අතුකෝරළ තේ කර්මාන්තශාලාව 2021 ජූලි මස 06 දින අන්තර්ජාලය හරහා කොළඹ පැවැති තේ වෙන්දේසියේදි අතුකෝරළ ගෲප් සුපර් වෙළෙඳ නාමය යටතේ BOPF SP තේ කිලෝවක් සඳහා ඉහළම මිල වාර්තා කිරීමට සමත් විය. ලංකා කොමොඩ්ටි බ්‍රෝකර්ස් සමාගම මගින් සිදු වූ අලෙවියක් වන මෙය CEYLON FRESH TEAS (PVT) LTD ආයතනය විසින් මිලට ගන්නා ලදී. ISO 22000:2018 / HACCP යන ජාත්‍යන්තර තත්ත්ව සහතිකයන්ට අනුකූලව පවත්වාගෙන යනු ලබන මෙම තේ කර්මාන්තශාලාව සුවිශේෂී සම්මාන රාශියකට හිමිකම් කියනු ලබන අතර ජාත්‍යන්තර තේ අලෙවියේ ජයග්‍රහණයන්ද හිමි කර ගෙන ඇත. අද වන විට කාබනික තේ (Organic Tea) සංකල්පයට මුල් තැන ලබා දෙමින් අතුකෝරළ තේ, පිටිගල තේ මෙන්ම අප විසින් නිපදවන විවිධ වර්ගයේ තේ වර්ග මිලදී ගැනීමට කර්මාන්තශාලාවේ www.athukoralagroup.com නව වෙබ් පිටුවෙන් සිදු කළ හැකිය. එමෙන්ම දේශීය මෙන්ම විදේශ සංචිරකයන් සඳහා තේ රස බැලීමටත් තේ මිලදී ගැනීමටත් තේ අලෙවි මධ්‍යස්ථානයක්ද කුරුඳුවත්ත විලා නිවාඩු නිකේතනයක්ද ආයනතන පරිශ්‍රයේ පවත්වාගෙන යන බවස සභපාති/ කළමනාකාර අධ්‍යක්ෂ අනුර අතුකෝරළ මහතා පැවසීය.
 

More News..