brand logo

තෙවන තරගයේ ජයත් ශ්‍රී ලංකාවට - තරගාවලියේ වීරයා ඇන්ජලෝ

01 August 2019

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති තෙවන සහ අවසන් තරගය ද ලකුණු 122කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 294ක් රැස්කර ගැනීමට සමත්විය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 87ක් රැස්කර ගත් අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 54ක් ලබාගත්තේය. ඊට අමතරව නායක දිමුත් ලකුණු 46ක් සහ කුසල් පෙරේරා ලකුණු 42ක් ලබාගැනීමට සමත් විය. අනතුරුව පිටියට පැමිණි බංග්ලාදේශ පිල පන්දුවාර 36ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 172ක් පමණීයි. ඒ අනුව ශ්‍රී ලංකා පිලට ලකුණු 122ක ජයක් හිමිවිය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දසුන් ශානක කඩුළු 3ක් දවාගැනීමට සමත් විය. ඊට අමතරව කසුන් රජිත් සහ ලහිරු කුමාර කඩුළු දෙක බැගින් දවා ගත්තේය. මෙම තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා බවට ඇන්ජලෝ මැතිව්ස් පත්විය.
 

More News..