brand logo

තෙවන ටෙස්ට් තරඟයත් එංගලන්තය ජයගනී

26 November 2018

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති අවසන් ටෙස්ට් තරගයත් සංචාරක එංගලන්ත කණ්ඩායම විසින් මීට සුළු වේලාවකට පෙර ජයග්‍රහණය කළා. ඒ ලකුණු 42 කින්. ලකුණු 327ක අභියෝගයක් භාර ගනිමින් පිළිතුරු දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම සදහා පිටියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන්ට සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 284 ක් පමණයි. දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව තරමක් හෝ ශක්තිමත් කිරීමට හැකි වූයේ කුසල් මෙන්ඩිස්ට පමණයි. ඔහු ලකුණු 86ක් රැස්කර ගත්තා. මීට අමතරව රොෂේන් සිල්වා ලකුණු 65ක් ලබාගත්තා. මෙම තරගයේ පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 336ක් රැස්කර ගැනීමට සමත් වූ අතර පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 240ක් පමණයි. අනතුරුව දෙවැනි ඉනිම සදහා එංගලන්ත කණ්ඩායම ලකුණු 230ක් ලබාගත්තා. ටෙස්ට් තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය 3ට 0ක් ලෙස ජයගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
 

More News..