brand logo

තෙල් සංස්ථාවේ ආරක්ෂාවට වඩා නිළියගේ ආරක්ෂක සමාගම ලොකුවෙලා

09 August 2018

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ආරක්ෂක අංශයක් තිබියදී මසකට රුපියල් ලක්ෂ තිස් තුනක් වැය කරමින් තෙල් සංස්ථාවේ ආරක්ෂාව සඳහා පුද්ගලික ආරක්ෂක සමාගමක සේවය ලබා ගෙන තිබේ. සංස්ථාවේ ප‍්‍රධාන කාර්යාලයට මේ වන විට එම සමාගමේ ආරක්ෂක අංශ සමාජිකයින් අට දෙනෙකු සේවා මුර සදහා යොදවා ඇත. ඇමතිවරයාට හිතවත් නිළියකගේ ඥතියෙකුට අයත් පුද්ගලික ආරක්ෂක සමාගමකින් එම සේවය ලබා ගෙන තිබේ. ඔවුන්ට සංස්ථාවේ ආරක්ෂක අංශ සතු ගිනි අවි රාජකාරි සදහා භාවිතා කිරිමට ලබා දී ඇති බව සංස්ථා ආරංචිමාර්ග සදහන් කරයි. මේ අනුව ඉදිරි දිනවලදී තෙල් සංස්ථාවේ අනෙකුත් ස්ථාන වලටද මෙම පුද්ගලික ආරක්ෂක සමාගමේ සමාජිකයින් යෙදවිමට සැලසුමු කර ඇති බව වාර්තා වේ.
 

More News..