brand logo

තෙල් මිල සූත්‍රය වහාම හකුලා ගන්න-කළුපටි පැළඳ විරෝධතාවයක්

16 October 2018

දිනෙන් දින වැඩිවන ජීවන වියදම හා තෙල් මිල සූත්‍රය වහාම හකුලා ගන්නා ලෙස ඉල්ලා අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 15 දෙනෙක් අද (16) පෙරවරුවේ අම්බලන්තොට නගරය මධ්‍යයේ නිහඬ විරෝධතාවයක නියැළුනහ. අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ මහා සභා සැසිවාරය පැවැත්වීමට නියමිත අද දිනයේදී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දිනෙන් දින ඉහල යන ජීවන වියදම ,ජනතාව මත පැටවා ඇති බදුබර හා දවසින් දවස තෙල් මිල ඉහල යවන තෙල් මිල සූත්‍රය හකුලා ගන්නා ලෙස ඉල්ලා ඊට විරෝධය දක්වමින් කළුපටි පැළද මෙලෙස නිහඩ විරෝධතාවයක නියැළුණි. පැයකට ආසන්න කාලයක් නිහඩ විරෝධතාවයේ නියැලුණු මන්ත්‍රිවරුන් අනතුරුව මහා සභා සැසිවාරය සඳහා තම යතුරුපැදි තල්ලු කරගෙන ගොස් සභා සැසිවාරයට සහභාගී වීමට කටයුතු කළහ.
 

More News..