brand logo

තෙල් මිල අද වෙනස්වෙයි

11 February 2019

ලෝක ඉන්ධන මිලට සාපේක්ෂව ක්‍රියාත්මක ඉන්ධන මිල සුත්‍රයට අනුව නවතම ඉන්ධන මිල ගණන් අද (12) ප්‍රකාශයට පත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. මිල සුත්‍රයට අදාළ කමිටුව අද පස්වරුවේ රැස්වීමට නියමිත බවයි එම අමාත්‍යාශය සඳහන් කළේ. ජනවාරි මාසයේ ඉන්ධන මිල පහළ දැමු අවස්ථාව වන විට ද සිංගප්පුරු බ්‍රෙන්ට් වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල ගණන් ඉහළ ගොස් තිබු බව මුදල් අමාත්‍යාංශය පවසන්නේ. අමාත්‍යාංශය සදහන් කළේ, ඒ අනුව, ඩොලර් 10ත් 15ත් අතර, ප්‍රමාණයකින් මේ වන විට ඉහළ ගොස් ඇති බවයි. ඒ අනුව, බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 62.10ක් ලෙස සටහන් වනවා. ඉන්ධන මිල සුත්‍රයට අනුව පසුගිය මාසයේදී ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 2 කින් පහළ දැමුණු අතර, ඩීසල් ලීටරයක මිල රු. 2 කින් හා සුපිරි ඩිසල් ලීටරයක් රු. 3 කින් අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගනු ලැබුවේ.
 

More News..