brand logo

තෙල් නැති නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසයි

30 December 2021

ණයටත් තෙල් ගන්න බැරි බව අමාත්‍යංශය දන්වයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන ජනවාරි 03 වනදා සිට යළි වසා දැමීමට තිරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය සදහන් වන්නේ අවශ්‍ය බොර තෙල් සපයා ගැනීමෙන් අනතුරුව ජනවාරි 30ට පෙර පිරිපහදුව යළි ආරම්භ කිරීමට ඛනිජ තෙල් සංස්ථා කළමණාකාරිත්වය සූදානම් බවයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් සපයනුයේ රටේ පෙට්‍රල් අවශ්‍යතාවයෙන් 14%ක් සහ ඩීසල් 29% පමණි. එබැවින් තාවකාලිකව තෙල් පිරිපහදුව වසා දැමීමෙන් රට තුළ තෙල් හිගයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍යංශය සහතික කරයි.
 

More News..