brand logo

තෙල්, දුම්රිය, ගමනාගමන ආදායම 50 % ක් කඩා වැටේ

18 May 2019

රටේ පවතින තත්ත්වය සමග තෙල්, දුම්රිය හා ගමනාගමන යන ආයතනවල දෛනික ආදායම සියයට පනහකින් පහත වැටී ඇති බව එම ආයතන ආරංචි මාර්ග සඳහන් කරයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ දෛනික ආදායම මිලියන 16 ක් වන අතර එය මිලියන 8 දක්වා අඩු වී ඇත. ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 25 - 30 ක අතර මුදලක් මීට පෙර ලැබුණු අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව එම ආදායම දෙකෙන් පංගුවකින්ද වැටී ඇති බව ලංගම ආයතනයේ ප්‍රධානියෙකු පැවසීය. මේ අතර තෙල් සංස්ථාවේ දෛනික ආදායම ද සියයට 50 කින් අඩු වී ඇත්තේ දෛනිකව ධාවනය වන වාහන ප්‍රමාණය අඩුවීම නිසාවෙන් බව එහි ප්‍රධානියෙකු පැවසීය. ඇඳිරි නීතිය හා තැන තැන ඇති වූ සිදුවීම් නිසා ගමනාගමන කටයුතු අඩුවීමෙන් ඉන්ධන අලෙවිය අඩු වූ බව ඔහු පැවසීය.
 

More News..