brand logo

‘තෙල්’ කිරිඇල්ලට දෙන අගමැතිගේ යෝජනාවට සජිත් පිල හරහට හිටී

14 September 2019

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල යටතට පත් කරන අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කරන ලද නිර්දේශය ක්‍රියාත්මක නොකරන ලෙස ඇමැති කබීර් හෂීම් ඉල්ලීමක් කොට තිබේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වන විට පාලනය වන්නේ ඇමැති කබීර් හෂීම් යටතේ ඇති මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේය. එම ඉල්ලීම ඉටුකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමාද කොට ඇත්තේ ඇමැති කබීර් හෂීම් ඇතුළු සජිත් ප්‍රේමදාසට හිතවත් ඇමැතිවරුන් හතර දෙනකු ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව බවද වාර්තා වේ. ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ලගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කරන එස්. කිරිඇල්ල ප්‍රකාශ කළේ ලක්ෂ්මන් කිරිඇල්ලට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කරන ලද නිර්දේශය මෙතෙක් ක්‍රියාත්මක කොට නොමැති බවයි. රංජිත් ගුණවර්ධන
 

More News..