brand logo

තුෂාර උපුල්දෙණිය බන්ධනාගාරයේ මුල් පුටුවට

03 June 2020

තුෂාර උපුල් දෙණිය මහතා අද(03) සිට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ධුරයට උසස් කර ඇත. 2001 වසරේ සහකාර බන්ධනාගාර අධිකාරීවරයකු ලෙස බන්ධනාගාර සේවයට එක් වූ උපුල් දෙනිය මහතා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ධුරයට උසස්වීම ලබන විට බන්ධනාගාර කොමසාරිස්(බුද්ධි) ධුරයේ කටයුතු කළේය. කැළනිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා විශේෂවේදී උපාධිදරයකු වන උපුල් දෙණිය මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කලමණාකරනය පිළිබඳ පශ්චාත් උපාධියද ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයෙන් අපරාධ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියද ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියද ලබාගෙන ඇත. ලොව පුරා රටවල් 15ක පමණ බන්ධනාගාර කේෂ්ත්‍රය පිළිබද විවිධ පුහුණු වීම් ලබා ඇති තුෂාර උපුල්දෙනිය මහතා පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ හා මහනුවර ධර්මරාජ විද්‍යාලවල ආදි ශිෂ්‍යෙයකි.
 

More News..