brand logo

තුර්කි ජාතිකයන් සිටින කිරිබත්ගොඩ නිවාස පහකට හමුදා ආරක්ෂාව

11 May 2019

ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිකිරීමට මෙරටට ගෙන ආ තුර්කි ජාතිකයන් අනූහත් දෙනකු රැඳී සිටින කිරිබත්ගොඩ කෝන්ගහවත්ත පාරේ නිවාස පහකට හමුදා ආරක්ෂාව ලබා දීමට ආරක්ෂක අමාත්‍යාංශය නියෝග කර ඇත. ඇමෙරිකානු තානාපති කාර්යාලය කළ ඉල්ලීමක් මත ආරක්ෂක අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත්තේ පසුගිය සති අන්තයේ පටන්ය. ඇමෙරිකානු කාර්යාලයේ ඉදිකිරීම් කටයුතු භාරගත් ඇමෙරිකානු සමාගමක් වන කැඩ්ඩෙල් කන්ස්ට්‍රක්ෂන් නමැති ආයතනය මගින් ලබන වසරේ දෙසැම්බර් මාසය දක්වා මෙම නිවාස පහ කුලියට ගෙන ඇත්තේ තුර්කි ජාතිකයන්ට නවාතැන් දීමටය. බස්නාහිර උතුර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ නියෝග මත ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශවල සිටින විදේශිකයන්ගේ වාර්තා මේ සතිය වන විට රැස් කිරීමට පටන්ගෙන ඇත. මෙම විමර්ශනයට අනුව මෙම සිකුරාදා වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ විදේශිකයන් 285 ක් නවාතැන්ගෙන සිටින බව හෙළි වී ඇත.
 

More News..