brand logo

තුන්වැනි රැල්ලට බිලිවීම වැඩිම 70 වැඩි පිරිසයි

08 May 2021

කොරෝනා පළමු රැල්ල හා දෙවැනි රැල්ල පැවැති වසරක කාලයේදී මෙරට පුද්ගලයන් හයසිය විසිහය දෙනකු (626) මියගිය අතර තුන්වැනි රැල්ලේදී සති දෙකක් ඉක්මවා යද්දී 119 දෙනකු මියගොස් ඇත. සමස්තයක් ලෙස ගත් කළ එය පළමු හා දෙවැනි රැල්ලට සාපේක්ෂව සියයට පන්සියක වර්ධනයකි. මෙරටදී පළමු රැල්ලේ කොවිඩ් මරණය වාර්තා වූයේ පසුගිය වසරේ මාර්තු 28 දිනය. එය සැප්තැම්බර් 14 වන විට 13 දෙනකු මියගොස් තිබිණි. දෙවැනි රැල්ල ආරම්භ වූ පසුගිය වසරේ ඔක්තෝබර් 4දීය. එම මාසයේ 20 දින සිට පසුගිය අප්‍රේල් 20 දින තෙක් පුද්ගලයන් 613 දෙනෙක් කොවිඩ් මරණයට බිලිවූහ. තුන්වෙනි රැල්ල ආරම්භ වූ අප්‍රේල් 21 දින සිට පසුගිය හය වෙනි දින වන විට පුද්ගලයන් 119 දෙනකු මියගොස් ඇත. පළමු, දෙවන හා තුන්වන යන රැලිවලින් වැඩිම මරණ ප්‍රමාණයක් සිදුව ඇත්තේ 70-80 අතර වයස් කාණ්ඩයේ වන අතර එම ප්‍රමාණය 225 දෙනෙකි. අවුරුදු 60-70 අතර 186 දෙනකුද, 80-90 කාණ්ඩයේදී 125 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වයස අවුරුදු 10 අඩු දෙදෙනකු අවුරුදු 10-20 අතර 4 දෙනකු, 20-30 වයසේ හයදෙනකු 30-40 අතර 20 දෙනකුද, 40-50 අතර 64 දෙනකු හා 50-60 අතර 96 දෙනකු වශයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. අවුරුදු 90-100 අතර වයස් කාණ්ඩයේ 17 දෙනකුද ජීවිතක්ෂයට පත්ව තිබේ. කෙසේ වෙතත් තුන්වන රැල්ලෙදී තරුණ වයසේ අය කොරෝනාවට බිලිවීම වැඩි බව සඳහන් කළද 10ත් 20ත් අතර එක් අයකුද, 30-40ත් අතර හයදෙනකුද 40-50ත් අතර 12 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇත. එහෙත් වැඩිම පුද්ගලයන් පිරිසක් මියගොස් ඇත්තේ 70-80 අතර වයස් කාණ්ඩයේය. ඊට 37 දෙනකු අයත්ය. 60-70ත් අතර වයසේ 28 දෙනකුද ජීවිතක්ෂයට පත්ව තිබේ. චමින්ද සේනාරත්න
 

More News..