brand logo

තුන්වැනි කොවිඩ් රැල්ල ජනවාරියේදී

06 November 2020

රට තුළ මේ වන විට පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් තුන්වන අවදානම් මට්ටමේදී මෙරට දෛනික කටයුතු පවත්වාගෙන යාම සඳහා ක්‍රියාවට නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නවතම මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබේ. කොවිඩ් ව්‍යාප්තිය සිදුවන අවදානම් මට්ටම් හතරක් පවතී. පළමු මට්ටමේදී ආසාදිතයන් හඳුනාගැනෙන්නේ නිරෝධායන මධ්‍යස්ථානවලින් පමණක් වන අතර එහිදී ආසාදිත පොකුරු දක්නට නොලැබේ. දෙවන මට්ටමේදී එක් රෝගී පොකුරක් සමඟ එයට සීමාවූ ප්‍රදේශයේ පමණක් ඇඳිරිනීතිය පැනවීම සිදුවන අතර තුන්වන මට්ටමේදී රටේ විවිධ දිස්ත්‍රික්කවලින් රෝගී පොකුරු බිහිවීමත් ඒ ඒ ප්‍රදේශවලට ඇඳිරිනීතිය පැනවීමත් සිදුවෙයි. සිව්වන මට්ටම ප්‍රජා සම්ප්‍රේෂණය වන අතර එහිදී රටේ විවිධ ප්‍රදේශවලින් කිසිදු මුල් සම්බන්ධයක් නොමැති රෝගී පොකුරු බිහිවීම දක්නට ලැබේ. ඒ අනුව තුන්වැනි කොවිඩ් රැල්ල ලබන වසර මුල වනවිට පැමිණිය හැකි බවට පර්යේෂකයන් අනතුරු අඟවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අනාවරණ කළේය. 3 වැනි අවදානම් මට්ටම මත පදනම් පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය පහතින්.....  
 

More News..