brand logo

තුන්වන T20 තරගයේ ජයත් ඉන්දියාවට

07 August 2019

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම සමග පැවැති තෙවන පන්දුවාර විස්ස එක්දින ක්‍රිකට් තරගය කඩුළු 7කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කළේය. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 146ක් රැස්කර ගත්තේය. කොදෙව්වන් වෙනුවෙන් කිරන් පොලාඩ් ලකුණු 58ක් රැස්කර ගැනීමට සමත්විය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දුවාර 19යි එක් පන්දුවක් තුළදී කඩුළු 3ක් දැවී ලකුණු 150ක් රැස්කර ගත්තේය. රිෂාබ් පෑන්ට් නොදැවී ලකුණු 65ක් ලබාගත් අතර ඊට හයේ පහර 4ක් දහ හතරේ පහර 4ක් ද ඇතුළත් වේ. ඊට අමතරව නායක විරාට් කෝලි ලකුණු 59ක් ලබාගැනීමට සමත් විය.
 

More News..