brand logo

තුන්දින පුහුණු තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි

19 January 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පැවැති තුන්දින ටෙස්ට් ක්‍රිකට් තරඟය ජය පරාජයකින් තොරව අද අවසන් වුණා. මෙම තරඟයේ පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම පළමු ඉනිම සදහා කඩුළු 5ක් දැවී ලකුණු 316ක් රැස්කර ගනු ලැබුවා. අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු 176ක් ලබාගෙන සිටියදී දෙවැනි ඉනිමට පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව හෝබාර්ට් පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම කඩුළු 3ක් දැවී ලකුණු 224ක් ලබාගත්තා. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම ඉන් අනතුරුව ශ්‍රී ලංකා පිලට ලකුණු 365ක අභියෝගයක් භාරදෙනු ලැබුවා. තරඟයේ අවසන් දිනය වන අද දිනයේ ශ්‍රී ලංකා පිලට කඩුළු 6ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 131ක් පමණයි. ඒ අනුව මෙම තරඟය ජය පරාජයකින් තොරව අවසන් වුණා. මෙම තරඟයේ පළමු ඉනිමේදී නොදැවී ලකුණු 157ක් සහ දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 102 ක් රැස්කළ Kurtis Patterson තරඟයේ වීරයා බවට පත්වුණා.
 

More News..