brand logo

තීන්ත ලොරියක් අඩි 100ක ප්‍රපාතයට

10 November 2020

පුඩළුඔය - ගම්පොල මාර්ගයේ පාළුවත්ත ප්‍රදේශයේදී ලොරි රථයක් අඩි සියයක පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි පුඩළුඔය පොලීසිය පවසයි. එම අනතුර ඊයේ (09) දහවල් 12 ට පමණ සිදුවි තිබේ. පුඩළුඔය සිට ගම්පොල නගරයට තීන්ත ප්‍රවාහන කරමින් තිබු ලොරි රථයක් මෙසේ අනතුරට පත්ව ඇති අතර ලොරි රථයේ රියදුරාට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සිදු කරන ලද මුලික පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ. තුවාල ලැබු පුද්ගලයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා ගම්පොල මුලික රෝහලට ඇතුලත් කොට ඇති අතර අනතුරින් ලොරි රථය දැඩි හානියට ලක්ව තිබේ. ලොරි රථයෙන් ප්‍රවාහනය කරමින් තිබු තීන්ත තොගයද තැන තැන විසිරී ගොස් පැවැතිණි. මෙම අනතුර සම්බන්ධයෙන් පුඩළුඔය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි. හැටන් සමුහ - චන්දන ජයවීර
 

More News..