brand logo

තිස්සමහාරාම ' ගැබිණි මවක් කොරෝනා උත්සන්න වී මෙලොව හැරයයි

16 May 2021

තිස්සමහාරාම යායගොඩ ප්‍රදේශයේ පදිංචි කොවිඩ්-19 ආසාදිත ගැබිණි මවක් ඊයේ (15) මරණයට පත්ව තිබේ. 35 හැවිරිදි එම ගැබිණි කාන්තාව මෙලොව එලිය නොදුටු මාස 8ක් වන බිළිඳිය ද සමග ජීවිතක්ෂයට පත්ව තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. පසුගිය අප්‍රේල් 29 වනදා මහරගම ප්‍රදේශයේ පැවැති දැරියකගේ සාදයකට මෙම ගැබිණි මව ඇතුළු පවුලේ 12 දෙනෙකු සහභාගී වී ඇති බව හඳුනා ගෙන ඇත. ඉන් පසු ඊට සහභාගී වූ මහරගම පදිංචි 17 දෙනෙකු ආසාදිතයින් ලෙසට හඳුනාගෙන ඇත. අනතුරුව ඉකුත් 5 වනදා ගැබිණි කාන්තාවට උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී තිබෙන අතර දෙබරවැව රෝහලට ඇතුළත් වී එහිදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඇය සහ සැමියා ආසාදිත බවට තහවුරු වී ඇත. .පසුව ගැබිණි මව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලටත් ඇගේ සැමියා අම්බලන්තොට රෝහලටත් ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ. එහිදී ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර එම ගැබිණි කාන්තාව අවාසනාවන්ත ලෙස මෙලොව එළිය නොදුටු බිළිඳිය ද සමග මරණයට පත්ව ඇත.
 

More News..