brand logo

තිස්සට චම්පිකගෙන් කමිසයක්

12 November 2019

උඩුදුම්බර කාශ්‍යප හිමියන් වෙත සජිත් විසින් යැවුණු ලිපිය රැගෙන යාමේදී තිස්සට ‘පුංචි අකරතැබ්බයකට’ ද මුහණපාන්නට සිදුවිය. ඒ එදින ඔහු ‘පාට කමිසයක් ඇදගෙන සිටි නිසා ත්, එම ඇඳුමින් හාමුදුරුවන් බැහැදකින්නට යාමට නොහැකිවීම නිසාත්, ය. ඒ වන විටත් එවැනි ලියුමක් ගෝඨාභය විසින් හාමුදුරුවන් වෙත යවා ඇති බව ද දැනගැනීමෙන් පසුව කමිසය නිසා ලියුම ප්‍රමාද කරන්නට ද නොහැකි විය. චම්පික ද තිස්සට කතා කරමින් ‘ඉක්මනින් යන්නැ...’යි කියද්දී, තිස්ස ‘ප්‍රමාදයට හේතුව’ චම්පිකට කීවේ ය. ‘‘ඉක්මනට විජේරාමෙ අපේ ගෙදර එන්න... මගෙ කමිසයක් ඇඳගෙන යන්න...’’ චම්පික ප්‍රශ්නයට ‘හොඳ උත්තරයක්’ දුන්නේ ය. ඒ අනුව චම්පිකගේ ගෙදර ගිය එතැනින් නිදහස් චතුරස්‍රය වෙත ගියේ, තිස්ස චම්පිකගෙන් ඉල්ලාගත් සුදු කමිසයත් ඇඳගෙන ය.
 

More News..