brand logo

තිස්සගේ නඩුව පෙබරවාරි 12ට කල්යයි

22 January 2019

පසුගිය ජනාධිපතිවරණය සමයේ කොළඹ පැවති මාධ්‍ය හමුවක දී එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර රාශිගත ගිවිසුමක් පවතින බවට ලේඛනයක් ප්‍රසිද්ධියට පත්කිරීම හේතුවෙන් නිතිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ලබන මස 12 වන්දා කැඳවන මෙන් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් නියෝග කර ඇත. එම නඩුව අද(22) දින විභාගයට ගැනීමට නියමිතව තිබුණද එය මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා විශේෂ මහාධිකරණයේ නඩු විභාගයකට සහභාගි වන බැවින් මෙම නඩුවේ විභාගය කල් තබන මෙන් රජයේ නීතිඥවරයා ඉල්ලා සිටි අතර විත්තිකාර තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුව දිගින් දිගට කල්යාම නිසා තම සේවාදායකයාට දැඩි අගතියක් සිදුව ඇති බවයි. එම නිසා මෙම නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කරන මෙන් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. කෙසේවෙතත් නඩුවේ විභාගය ලබන දොළොස් වන දාට කල් දැමූ විනිසුරුවරයා එදින මේ සම්බන්ධයෙන් කරුණු සලකා බලන බව කියා සිට ඇත.
 

More News..