brand logo

තිලාපි මත්ස්‍ය පැටවුන් 12000ක් වතු පොකුණු ජලාශවලට මුදා හරී

06 December 2018

වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහල දැමිම සදහා ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරිය මගින් වතුකරයේ පොකුණු ජලාශවලට මත්ස්‍යය පැටවුන් මුදා හැරිමේ ව්‍යාපෘතියට සමගාමිව තිලාපි මත්ස්‍යය පැටවුන් දොලොස් දහසක් ඊයේ (04) මුදා හරී. වතු පොකුණු ජලාශ ආශ්‍රිතව මත්ස්‍යය වගාව ප්‍රවර්ධනය කිරිම අරමුණින් හැටන් පැන්මුර් වතු යායේ වතු පොකුණු ජලාශයට තිලාපි මත්ස්‍ය පැටවුන් දොලොස් දහසක් මුදා හැරිම ජතික ජලජ ජිවි වගා අධිකාරියේ නුවරඑලිය කාර්යයාලයේ නිලධාරින් විසින් සිදු කර ඇත. ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන දඹුල්ල මත්ස්‍ය අබිජනන මධ්‍යස්ථානයේ අභිජනනය කරන ලද මත්ස්‍ය පැටවුන් මෙසේ එම ජලාශයට මුදා හැරුණා. මෙසේ ජලාශයට මුදා හැරි මත්ස්‍යය පැටවුන් මාස 6 ක කාලයක් තුල කිලෝ 1 ½ ත්, 2 ක් අතර ප්‍රමාණයකට වැඩෙන බව ජතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑලිය කාර්යයාලයේ ව්‍යාපෘති නිලධාරින් කියා සිටියි. මෙම ජලාශයේ මත්ස්‍ය අස්වැන්න එම වතුයායේ වතු කම්කරුවන්ට ලබා දිමටද නියමිත අතර මෙම මත්ස්‍ය පැටවුන් මුදා හැරිමේ අවස්ථාවට එම වතු යායේ වතු කම්කරුවන් විශාල පිරිසක් සහභාගි වීය. හැටන් - රංජිත් රාජපක්ෂ
 

More News..