brand logo

තිලංග සුමතිපාලට ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම සම්පූර්ණයෙන් තහනම්

15 October 2019

හිටපු ක්‍රිකට් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විශේෂ නියෝගයක් නිකුත් කර ඇත. ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත මෙම නියෝගය නිකුත් කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරන හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලට එහි පරිපාලන කටයුතුවලට සහභාගිවීමට නොහැකිවන ලෙස තාවකාලික තහනමක් පැනවීමට ද, මීට පෙර නොවැම්බර් මස 10 වනදා ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගත අතර තිලංග සුමතිපාලට එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතුවලට සම්බන්ධවීමට හැකිදැයි සොයාබලා මසක් ඇතුළත වාර්තාවක් සැපයීම සඳහා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කළේය.
 

More News..