brand logo

තිරිමාන්න ටෙස්ට් දිවියේ දෙවන ශතකය වාර්තා කරයි

17 January 2021

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවන ශතකය වාර්තා කිරීමට ලහිරු තිරිමාන්න අද (17) පෙර සමත් විය. තිරිමාන්නගේ එම ශතකයට හතරේ පහර 11ක් ද ඇතුළත් වේ. මෙම ටෙස්ට් තරගයේ සිව්වන දිනය වන අද දිනයේ දෙවන ඉනිම සදහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුළු 3ක් දැවී ලකුණු 195ක් රැස්කර ගෙන සිටියි. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 135ක් රැස්කර ගත් අතර, සංචාරක එංගලන්ත කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 421ක් රැස්කර ගැනීමට සමත් විය. තරගය පැවැත්වෙන්‌නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදීයි.
 

More News..