brand logo

තිරිඟු පිටි ලෙස කහ කුඩු ආනයනය කරලා

04 January 2021

  තිරිඟු පිටි ආනයනය කරන බව හඟවා නීති විරෝධිව ආනයනය කර තිබූ කහ කුඩු කිලෝ 7,500ක ප්‍රමාණයක් රේගු භාරයට ගෙන ඇත. පසුගිය මස 20 වනදා ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද බහලුමක තිබී එම කහ තොගය සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කරනවා. කහ තොගය ගෙන්වා ඇති පුද්ගලයා මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මීට පෙර ද මෙවැනි නීතිවිරෝධි කටයුතු වල නිරතවූ අයෙකු බව ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළා. මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින එම පුද්ගලයා සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් ලබාදී තිබේ.
 

More News..