brand logo

තිරිඟු පිටි මිල රුපියල් 5.50කින් ඉහළට

06 September 2019

ප්‍රීමා සමාගමේ නිෂ්පාදිත සෑම තිරිඟු පිටි කිලෝවක්ම අද (06) සිට රු 5.50කින් ඉහළ ගොස් ඇත. ඒ බව එම සමාගමේ පාලන අධිකාරි මඟින් දිවයිනේ සියළුම ප්‍රීමා පිටි ඒජන්තවරුන්ට දැනුම් දී ඇති බව වාර්තා වන අතර අද (06) සිට ප්‍රිමා තිරිඟු පිටි කිලෝවක් අලෙවි කළ මිලට වඩා රු 5.50 ක් ඉහළ නංවා අලෙවි කරන ලෙසට එම සමාගම විසින් සියලුම ඒජන්තවරුන්ට දැනුම් දී ඇත. කෙසේ වෙතත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිසි අවසරයකින් තොරව තිරිගු පිටි මිල රැපියල් 5.50 කින් වැඩි කර ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය සඳහන් කරන අතර 2016 ජූලි මස 14 වන දින නිකුත් කොට ඇති අංක 1975/68 දරණ අති විශේෂ ගැසට් පත්‍රයට අනුව උපරිම මිලක් නියම කොට තිබෙන තිරිඟු පිටි සඳහා මිල වැඩි කිරීම අධිකාරියේ අවසරය ලබා යුතු බවත් එම සංවිධානය සඳහන් කරයි.
 

More News..