brand logo

තිරිඟු පිටි බද්ද රු.28කින් අඩු කරයි

17 December 2019

තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් එකක් සඳහා වන බද්ද රුපියල් 28.00 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව රුපියල් 36.00 ක්ව පැවැති තිරිඟු පිටි කිලෝවක ඒකාබද්ධ තීරුබද්ද ඉවත් කර ඒ වෙනුවට කිලෝග්‍රෑමයකට රුපියල් 8.00 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් හඳුන්වා දී තිබේ. මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන ඇමැතිවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනයක් මගින් දෙසැම්බර් මස 14 වන දින සිට මෙම නව විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවට අවශ්‍ය පරිභෝජනය සඳහා වන තිරිඟු පිටි අවශ්‍යතාවයට තිරිඟු ඇට ආනයනය කර දේශීය වශයෙන් පිටි බවට පත්කිරීම මෙතෙක් සිදු විය. පිටි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 8.00 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් නියම කිරීම හේතුවෙන් ඕනෑම ව්‍යාපාරිකයකුට පිටි ආනයනය කර තරඟකාරී මිලට බෙදාහැරීමට අවසරය දීමට ඇමැති මණ්ඩලය විසින් තීරණය කර ඇත. වෙළෙඳපොළේ ඉහළ ගිය සහල් මිල පාලනය කිරීම සඳහා සම්බා සහ නාඩු සහල් කිලෝග්‍රෑමයකට රුපියල් 98.00 ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පසුගිය සතියේ ඇමැති මණ්ඩලය තීරණය කළේය. තිරිඟු පිටි ආනයනය කිරීමට අවස්ථාව සලසමින් තිරිඟු පිටි සඳහා පැවැති බදු අඩුකිරීමට ද තීරණය කරන ලදී. අජිත් අලහකෝන්
 

More News..