brand logo

තිරය මත පොදු වස්තුවක් වුණාට මටත් පෞද්ගලික ජීවිතයක් තියෙනවා

22 October 2019

වොල්ගා කල්පනි කියන්නෙ බෙහෙවින්ම කතාබහට ලක්වුණ රංගන ශිල්පිනියක්. නිතරම තිරයේ දකින්න නොලැබුණත් වඩාත් විශේෂ වූ චරිත වලින් අපිට හමුවෙන වොල්ගා මේ දිනවල විකාශනය වන ටෙලි නාට්‍ය තුනකින්ම අප හමුවට එනවා. ඇගේ කලා කටයුතු ගැන විතරක් නොවෙයි පුද්ගලික ජීවිතයේත් සමහර කරුණු කාරණා ගැනත් රසිකයන් මේ දිනවල විමසිලිමත් වී තිබෙනවා. වොල්ගාගේ  හා හර්ෂණගේ බිඳුණ විවාහය ගැන කතාබහ අලුත් වෙලා නේද? මම මේ තරම් කල් විවාහය ගැන හෝ දික්කසාදය ගැන අනවශ්‍ය විදිහට අනවශ්‍ය දේවල් කතාකරපු කෙනෙක් නෙවෙයි. ප්‍රේක්ෂකයන්ට බොරු කියන්න මට කිසිම අවශ්‍යතාවක් නැහැ. මම දැන් දික්කසාද වෙලා ඉන්නෙ. ඒක හර්ෂණ බෙත්මගෙයි මායි ගත්ත පුද්ගලික තීරණයක්. ඉතින් මම හැමදාම කියන්නෙ රංගන ශිල්පින් නිසා සමාජය අපි ගැන වැඩිපුර කතාවෙනව ඇති. නමුත් රංගන ශිල්පින් විදිහට අපේ නිර්මාණත් එක්ක ඉන්න පුද්ගලික ජීවිතවල අපි හැමෝටම දේවල් සිද්ධ වෙනව. රසික රසිකාවියන් රංගන ශිල්පීන්ගෙ පුද්ගලික ජීවිත ගැන විමසන එක සාමාන්‍ය දෙයක්නෙ රංගන ශිල්පිනියන් කියන්නෙ බොහොම වටිනා වැදගත් විදිහට ජීවත් වෙන මිනිස්සු කාටවත් ඇඟිල්ල දිග් කරන්න බැහැ. අරය මෙහෙමයි මෙයා මෙහෙමයි කියල නිළියන් විදිහට අපි රූපවාහිනි තිරය වේදිකාව හෝ සිනමා තිරය මත පොදු වස්තුවක් වූවාට අපි අපේ පුද්ගලික ජීවිතවලදී වැදගත් විදිහට ජීවත්වෙන කාන්තාවො. ප්‍රේක්ෂකයන්ට කියන්නෙ අපිට අපේ නිර්මාණවලට ආදරය කරන්න ඒ ආදරය අපිට අවශ්‍යයයි. ඒ ආදරය නැතිව අපි කොච්චර රඟපෑවත් වැඩක් නැහැ. වොල්ගාගෙ ඉදිරි ජීවිතයේ තීරණ ගැන යමක් පවසන්න සූදානම්ද? මම අවශ්‍ය දේ කියල තියෙන්නෙ. මම අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට කතා කරපු කෙනෙක්. ඊට එහා මම ආයෙත් විවාහ වෙනවද මම ආයෙ ආදරය කරනවද කියල  කියන්න ලෑස්ති නැහැ. මම හිතනව මේක නෙවෙයි ඒ ගැන කතාකරන්න වෙලාව කියල. මේ දිනවල මොනවද කරන්නෙ? මෙහෙමයි ටීවි බලන ප්‍රේක්ෂකයන් දන්නව හුළඟ ඔබ මහමෙරක ,පැණි කුරුල්ලො, හුස්ම වැටෙන මල් කියන ටෙලි නාට්‍ය තුනේ මම රඟපානව කියල. වැඩිපුර ප්‍රතිචාර තියෙන්නෙ කුමන චරිතයටද? චරිත තුන තුන් විදිහක්. මේකටම විතරයි ප්‍රතිචාර ලැබෙන්නෙ කියල කියන්න බැහැ. අනිත් කාරණය මෙම නිර්මාණ තුනේම අධ්‍යක්ෂවරු සුදත් දේවප්‍රිය හා ජයප්‍රකාශ් සිවගුරුනාදන් කියන්නෙ රූපවාහිනී මාධ්‍යයේ විශේෂ නිර්මාණකරුවන්. සුදත් දේවප්‍රියගේ නිර්මාණයකට සම්බන්ධ වීම ඔබට එක්කළේ කුමන අත්දැකීමක්ද? සුදත් දේවප්‍රිය අධ්‍යක්ෂවරයා ගැන මම දැනගෙන හිටියෙ ඔහු අඹ යහළුවො ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා කියන දේ පමණයි. එතුමා සමග එතුමාගේ නිර්මාණයක වැඩ කරද්දියි දැනගත්තෙ ඔහු සතු ඉවසීම නිහතමානි බව යන ගුණාංග ගැන. එවැනි නිර්මාණකරුවෙක් සමග වැඩ කරන්නත් ලැබීමම මගේ වාසනාවක් විදිහට හිතනවා. විශේෂිත වූ චරිත ලැබෙන වාරයක් පාසා සම්මාන ගැනත් ආසාවන් අවදි වෙනවද? මට සම්මාන පිළිබඳ සිහිනයක් නෙවෙයි තියෙන්නෙ. හැබැයි සම්මානයක් හම්බ වුණොත් ඒක රංගන ශිල්පිනියකට අමුතු හයියක් මොකද මට හම්බවුණ සම්මානත් එක්ක ඒ හැඟීම මට දැනිලා තියෙනව. මම පහුගිය වසරෙ සම්මානයක් ගත්තා. මම ක්ෂේත්‍රයට ඇවිත් පළමු වරට ප්‍රධාන චරිතයක් නිරූපණය කළ කොළඹ හත කියන ටෙලි නාට්‍යයෙන් මම සම්මානයක් ගත්තා. ඊට පස්සෙ මම සම්මානවලට නිර්දේශ වුණා. ඒවත් එක්ක අමුතු හයියක් එනව. නමුත් සම්මාන පස්සෙම ගියොත් නම් මේක කරගෙන යන්න පුළුවන් වෙයි කියල මම හිතන්නෙ නැහැ. මම වැඩ කරන්නෙ මමම තෘප්තිමත් වෙන්න. සම්මානයක් ලැබුණොත් ඒක මාර හයියක් සහ මාර වාසනාවක්. කලාව ඔබට  අනුව ඔබව තෘප්තිමත් කරන දෙයක්  පමණද? හැකියාවක් තියෙන නිසානෙ  රංගන ශිල්පීන්  බිහිවෙන්නෙ. එහෙම හැකියාවක් නැතිව මේ ක්ෂේත්‍රයේ ඉන්න අය බොහොම අඩුයි. අපි අපේ හැකියාව විකුණල තමයි හම්බ කරන්නෙ. ඒක තමයි ඇත්ත කතාව මම කවදාවත් විනෝදාංශයක් විදිහට රඟපාන කෙනෙක් වත් අහම්බෙන් නිළියන් වුණ කෙනෙක් වත් නෙවෙයි. මම බොහොම මහන්සියෙන් ක්ෂේත්‍රයට ඇවිත් තියෙන්නෙ. මම කන්නෙ බොන්නෙ වාහන පදින්නෙ මේ වෘත්තියෙන්. ඒ නිසා  මම හැමදාම කියන්නෙ ලෝකයේ තියෙන වාසනාවන්තම රැකියාව තමයි මම කරන්නෙ කියල.  රංගන වෘත්තිය හැර අනෙකුත් වෘත්තීන් නොවටිනා රැකියාවන් බවද පවසන්නෙ? ඒකට උත්තර දෙන්න මට වෙන රැකියාවන් ගැන අත්දැකීම් නැහැ.  ඒ රැකියාවල මම දැකපු දේවල් විතරයි මට කතාකරන්න පුළුවන් වෙන්නෙ. නමුත් මිනිසුන් අතර විශේෂ පුද්ගලයන් වීම මිනිසුන්ගෙ ආදරය ලබන එක මේ වෘත්තියෙ අයටම ලැබුණ ලොකු වාසනාවක්. වොල්ගාගේ ඉදිරි නිර්මාණ කටයුතු මොනවද? ඔව් මගේ තව නිර්මාණයක් එන්න තියෙනව සහ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මයගේ අලුත් නිර්මාණයකට සම්බන්ධ වෙන්න ඉන්නව. කොහොමත් මේ වැඩ ටික ඉවර වෙලා තමයි ලබන අවුරුද්දෙ ප්‍රේක්ෂකයන්ව මුණගැහෙන්නෙ. පහුගිය කාලයේ ඔබ ව්‍යාපාරවලටත් සම්බන්ධ වූවා නේද? මම පහුගිය කාලෙ ව්‍යාපාරයකට සම්බන්ධ වෙලා හිටියා. මගේ පුද්ගලික හේතුවක් නිසා මම එම ව්‍යාපාරයෙන් ඉවත් වුණා. මේ දවස්වල ව්‍යාපාරයක් කරගෙන යනව හලාවත මුන්දලම ප්‍රදේශයෙන් එහා තියෙන නිෂ්පාදන ආයතනයකින් කුළුබඩු ගෙනත් කොළඹ ආශ්‍රිත අවන්හල්වලට බෙදාහැරීමේ ව්‍යාපාරයක්. එය තම්බපණ්ණි කියන නමිනුයි හඳුන්වන්නෙ. ඉදිරියේ තව වෙනස් දේවල් ටිකක් කරනවා. කොහොමත් මම ඉදිරියෙත් ව්‍යාපාර කරගෙන යනවා. සුරංජි පතිරණ   
 

More News..