brand logo

තිදරු මවට අතවර කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිමාන්ඩ්

06 January 2021

කාන්තාවකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත් කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ අද(06) නියෝග කර තිබේ. 27 හැවිරිදි තිදරු මවක් ඊයේ(05) පස්වරුවේ යක්කලමුල්ල පොලිස් වසමේ නාකියාදෙණිය බටකැටිය ප්‍රදේශයේදී මෙලෙස අතවරයට ලක්වී තිබූ අතර අදාළ තැනැත්තිය වැන්දඹු කාන්තාවක් බවත් අතවරය සිදුකළ බව කියන  46 හැවිරිදි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇයගේ ඥාතියෙකු බවත් අනාවරණය වී ඇත. ඉදිරි විමර්ෂණ යක්කලමුල්ල පොලීසිය විසින් සිදු කරනු ලබයි.
 

More News..