brand logo

තෑගි නොදි හිටපු ජනපති මෛත්‍රී ආපසු හැරෙයි

15 June 2020

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වු ත්‍යාග ප්‍රධාන උත්සවයක් නවතා දැමිමට මැතිවරණ කොමිසම විසින් පියවර ගෙන තිඛේ. පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී මෙම උත්සවය සංවිධානය කර තිබු අතර එහිදී 2019 වසරේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් විශ්ව විද්‍යාල වරම් ලබා ගත් සිසුන්ට ඇගයිමට සැලසුම් කර තිබුණා. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්ව සිටියා. මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබා දෙන නියෝග පිළිගනිමින් තමන් මෙම උත්සවයෙන් පිටව යන බවයි මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ. මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයට තරගවදිනවා.
 

More News..