brand logo

තැපෑල සහ දුරකථනය ඔස්සේ ජනාධිපති කාර්යාලය ජනතාවට සමීප වෙයි.

11 October 2020

  මහජනයාට තැපෑල සහ දුරකථනය ඔස්සේ ජනාධිපති කාර්යාලය සමග සම්බන්ධවීමට අවස්ථාව ලබාදීමට සැලසුම් කර ඇත. පවතින කොවිඩ් අවදානම් තත්වය හමුවේ එම පියවර ගෙන ඇත. සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් සහ නිර්දේශ අනුව මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණීමේදීත් කාර්යාලය තුල අවම නිලධාරීන් පිරිසක් සේවා සැපයීමේදීත් සිදුවිය හැකි අපහසුතා සැලකිල්ලට ගෙන මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වේ. ඒ අනුව තැපෑල සහ දුරකථන ඔස්සේ කෙරෙන මහජන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පියවර ගනු ඇති. මේ අනුව ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය ඔම්බුඩ්ස්මන් කාර්යාලය සහ ජනාධිපති අරමුදලට සම්බන්ධවීමට ජනතාවට අවස්ථාව ලැබෙනවා. ජනාධිපති මහජන සම්බන්ධතා අංශය - 0114354550 / 0112354550 Fax 011 2348855 ඔම්බුඩ්ස්මන් කාර්යාලය - 0112338073 ජනාධිපති අරමුදල - 0112354354 (දිගුව 4800/ 4814 / 4815 / 4818) Fax 011 2331243
 

More News..